අලි රංචුවක්  කොටවෙහෙර කුඹුරු යායක් විනාශ කරලා


 
(ප්‍රියාණි මංගලිකා )
                    
කොටවෙහෙර  සිරිසෙතගම ප්‍රදේශයට අද ( 07) අලුයම කඩා වැදුන වල් අලි රංචුවක්     කුඹුරු යායක් සහ වෙනත් වගා බිම් රැසක් වනසා දමා තිබේ.
                     
මේ වනවිට ප්‍රදේශයේ කුඹුරු යාය වගා කර ඇති අතර පැල ගොයම සහිත කුඹුරු බිම් රැසක් වල්  අලින් වනසා දමා ඇති බවද ,වෙනත් බෝග වගා සහ ගෙවතු වල තිබු ගහ කොලද වල් අලින් වනසා දමා ඇති බවද ගොවීන්  කියා සිටිති.
                    
මේ වනවිට ප්‍රදේශයට කඩා වැදී ඇති වල් අලි රංචුව ,වගා බිම් වලට කඩා වැදුන පසුව පලවා හැරීම පහසු නොවන බවද ,මේවන විට ප්‍රදේශයේ නිවාස  රැසකටද වල් අලින් හානි සිදු කර ඇති බවද ගොවීහු කියති.
                  
කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා ප්‍රකාශ කලේ මීට පෙර සිටි විශාල වල් අලි රංචුව  ඉඟිණිමිටිය රක්ෂිතයට රැගෙන ගිය බවද ,මේ වන විට මෙම ප්‍රදේශයට කඩා වැදී ඇති වල් අලි රංචු ආණමඩුව දෙසින් සංක්‍රමණය වී ඇති බවද , මෙම අලි රංචුවද මෙහෙයුමක් මගින් රැගෙන යාමට පියවර ගන්නා බවද පැවසීය .
                       
දීර්ග කාලයක සිට මෙම ප්‍රදේශයේ ජනතාව වල් අලි ගැටලුව  හේතුවෙන් වගා කටයුතු කර ගැණීමට  නොහැකිව විශාල ආර්ථික ගැටලු වලට මුහුණ දෙමින් සිටින බවද , නිවෙස් තුල තිබෙන වී අස්වනු ,දේපල සහ.තම ජීවිත රැක ගැණීමට දිවා රෑ මහත් වෙහෙසක් දැරීමට සිදුව  ඇති බැවින් මේ සඳහා ස්තිර විසඳුමක් ලබා දෙන ලෙස ජනතාව බලධාරීන් ගෙන් ඉල්ලා සිටිති